Thursday, February 2, 2012

නිසල දිය

වියලී ඉරි තැලුණු,
නිහඬ විල් තලය මැද,
හිරුට වියලන්ට නොහැකි වු,
පුංචි දිය කඩිත්තක්...
දැකුමට රිසි ය,
කෙත් බිමක් මෙන් කතරට...
ඉතිරි වු ජල තලය,
නිසල ය, පැහැදිලි ය,
අන් කිසිත් නිසා නොව,
රැලි නගන්නට,
අවකාශ නැති හෙයින්...!

02/02/12




No comments:

Post a Comment